![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ගම්මැද්දේ පාසල ලෙස අලිඛිත ඉතිහාසයක් හා 1926 වර්ෂයේ මින්නේරිය 13 වන සැතපුම් කණුව අසල රජයේ පාසලක් ලෙස ලිඛිත ඉතිහාසයක් සහිතව ඇරඹි, පසුව 1936 වර්ෂයේ දී මින්නේරිය නව ජනපද වාසීන්ගේ පාසලක් ලෙස හිගුරක්ගොඩ අක්කර 70 ග්‍රාමයට සංක්‍රමණය වී මින්නේරිය විද්‍යාලය නමින් එම ස්ථානයේ ස්ථීරව ස්ථාපිත වීය.
1938 පමණ වන විටත් ඉලංගසිංහ මුල්ගුරුතුමා පමණක් වූ අප පාසලට එන්.එම්.එස් කුමාරිහාමි නමින් ගුරුතුමියක් ද සේවය කර ඇති බව ආදි සිසුවියක් මගින් පවසා ඇත.













