මින්නේරිය ජාතික පාසල

Slide
Slide
Slide

විදුහල්පති පණිවිඩය

එච්.ජි.එස්.ඒ.කුමාර මයා

වසර සීයකට ආසන්න ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන අභිමානවත් පාසලක වත්මන් විදුහල්පතිවරයා වශයෙන් වගකීම් දැරීමට හා මග පෙන්වීම් සිදුකිරීමට ලැබීම මා ලද ඉමහත් භාග්‍යයක් ලෙස සලකමි.

1926 දී ඉතා කුඩා පාසලක් ලෙස ආරම්භ වී, ද්විතීක පාසලක්, මහා විද්‍යාලයක්, මධ්‍ය විද්‍යාලයක් හා අද ජාතික පාසලක් ලෙස මින්නේරිය පුරාණ හා නව ජනපද දරුවන්ට සෙවන දෙමින් පුලතිසි පුරවරයේ කීර්තිමත් විදුපියසක් ලෙස සිදු කරන සේවය ඉතාමත් අගනා බව ඉතා සතුටින් සඳහන් කරමි.

පසුගිය වසර 98ක කාලය තුළ නොයෙක් දුෂ්කරතා මැද,පාසල වර්තමාන තත්ත්වයට ගෙන ඒමට මග පෑදූ හිටපු විදුහල්පතිවරුන් හා ගුරුවරුන් මිණිහිරි මාතාව වෙනුවෙන් කළ අසීමිත කැපවීම ගෞරවයෙන් සිහිපත් කරමි.
අප පැමිණි දුරට වඩා වැඩි දුරක් යා යුතුව තිබේ. එසේම එදාට වඩා වැඩි කාර්යභාරයක් වත්මන් හා අනාගත මිණිහිරි දූ පුතුන් වෙනුවෙන් මින්නේරිය ජාතික  පාසලෙන් ඉටු කළ  යුතුය යන්න මාගේ අදහසයි.

එච්.ජි.එස්.ඒ.කුමාර මයා
විදුහල්පති
පො/මින්නේරිය ජාතික පාසල.