පොලොන්නරුව දිස්ත්‍රික්කයේ හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාපයට අයත් පැරණිතම පාසල් කිහිපය අතුරින් එකක්වන අප විද්‍යාලය ක්‍රිස්තු වර්ෂ 1926 ය රොටවැව ගම්මානයේ සිසුන් හතළිස් පහකින් ආරම්භ කරන ලද මෙම පාසල එයින් වසර දහයකට පසු 1936 ඔක්තෝම්බර් 16 වන දින මින්නේරිය ජනපදවාසීන්ගේ පාසලක් ලෙස හිඟුරක්ගොඩ අක්කර හැත්තෑව ග්‍රාමයෙහි මින්නේරිය විද්‍යාලය නමින් ස්ථාපිත වී ඇත.පුරාණ මින්නේරිය ගමේ ගම්සභාවෙන් පාලනය වී ඇති ගම්මැද්දේ පාසල ලෙස අලිඛිත ඉතිහාසයක් හා 1922 වර්ෂයේ මින්නේරිය 13 වන සැතපුම් සැතපුම් කණුවක් අසල රජයේ පාසලක් ලෙස හිඟුරක්ගොඩ අක්කර හැත්තෑව ග්‍රාමයට සංක්‍රමණය වී මින්නේරිය විද්‍යාලය නමින් එම ස්ථානයේ ආරම්භ වුණි.ක්‍රිස්තු වර්ෂ 1990 වර්ෂයේ දී මධ්‍යම හා විද්‍යාලයක් බවට පත්වී ඇත.
විවිධ දුෂ්කරතා මධ්‍යයේ පනස්වන දශකයතයකින් විදුහල්පතිවරුන් කිහිපදෙනෙකු යටතේ ඒකාකාර ගමනක යෙදුණු අප පාසල ඉන්පසු ක්‍රමානුකූලව දියුණු වෙමින් 1960 - 1970 දශක දෙක තුළ ඉතාමත් ආදර්ශමත් ලෙස පොළොන්නරු දිස්ත්‍රික්කයේ පාසල් අතර වැජඹෙන්නට විය.පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රථම වරට විද්‍යා විෂය ධාරාව ආරම්භ කිරීමත් සමග සමග විද්‍යා විෂය ධාරාව මෙන්ම කලා වාණිජ විෂය ධාරාවන්ද පවත්වාගෙන යාම විද්‍යාලය ලබා ඇති ජයග්‍රහණයකි.
1996.03.12 ය ජාතික පාසලක් බවට පත් වූ අප පාසල ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා විද්‍යා කලා වාණිජ පන්ති පැවැත්වූ අතර 2012.12.31 දින සිට එක්වන ශ්‍රේණියේ සිට පස් වන ශ්‍රේණිය දක්වා පන්ති වෙන්වී පළාත් පාසලක් ලෙස පෝ මින්නේරිය ප්‍රාථමික විද්‍යාලය" පුංචි ඉස්කෝලය" නමින් වෙන් වූ පසු හය වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා ද්විතීක පාසලක් ලෙස වර්තමානය තෙක් කටයුතු කරයි.ශ්‍රී ලංකාවේ පාසල් වර්ගීකරණයට අනුව 1 AB වර්ගයට අයත් අප පාසල තාක්ෂණ විෂය ධාරාව ආරම්භ වීමත් සමඟ සමඟ වර්තමානය වන විට 1 ABS කාණ්ඩයට අයත් පාසලක් බවට පත්වී ඇත.
|
ආරම්භ කළ වර්ෂය |
1926 මාර්තු 10 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
03 |
|
පාසලට ගිය මුල්ම ශිෂ්‍ය සංඛ්‍යාව |
45 |
|
මුල් ගුරුතුමාගේ නම |
ඉලංගසිංහ මුල් ගුරුතුමා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
මින්නේරිය විදුහල |
|
පාසල රජයට පවරාගත් දිනය |
1926.03.10 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
රොටවැව ගම්මානයේ |
|
ආදිතම ශිෂ්‍යයාගේ නම |
ඊ.එම්.තෙන්නකෝන් මයා |
|
ආදිතම ශිෂ්‍යයාවගේ නම |
එච්.එම්. ඩිංගිරි මැණිකේ මිය |







