මින්නේරිය ජාතික පාසල

Slide
Slide
Slide

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

ඩබ්.එම්.ගුණතිලක මයා

වසර 98 ක ප්‍රෞඪ ඉතිහාසයක උරුමකරුවකු වන පො/මින්නෙරිය ජාතික පාසලේ නියෝජ්‍ය විදුහල්පතිවරයකු වීමට ලැබීම මා ලද භාග්‍යයක් ලෙස හැඟෙයි.1926 පමණ ආරම්භ වූ මින්නේරිය ජාතික පාසල මෙම වසර අනුඅටක කාලය තුළ මෙම ප්‍රදේශයට, රටට, විශ්වයට දායාද කළ විශිෂ්ට පුරවැසියන් බොහෝ ය.

සැමට අධ්‍යාපනය යන උතුම් අරමුණ පෙරදැරි කරගත් උතුම් සමාජ මෙහෙවර නොපිරිහෙලා ඉටු කරන මින්නේරිය ජාතික පාසල තුළ දුප්පත් පොහොසත්, බෞද්ධ, ක්‍රිස්තියානි, දක්ෂ අදක්ෂ සැමදෙනාම එකම විදු පියසක් තුළ සමානාත්මතාවයෙන් අධ්‍යාපනය ලබා යහපත් පුරවැසියෙකු වීමට දරන වෑයම ඉතා අගනේය.

පොළොන්නරු දිස්ත්‍රික්කය තුළ ප්‍රමුඛතම පාසල් අතර වැජඹෙන පො/මින්නෙරිය ජාතික පාසල තුළ සිසු සිසුවියන් සඳහා මනා අධ්‍යාපනය සහ දැනුම් කුසලතා ලබාදීමට නොපිරිහෙලා කටයුතු කරන විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලය නිරන්තරයෙන් දරුවන්ගේ අධ්‍යාපනය මෙන්ම ක්‍රීඩා, සංගීත, නැටුම් මෙන්ම පෞද්ගලික ගැටලු පිළිබඳවද මනා ලෙස සොයා බැලීමට කටයුතු කරමින් සිටි.

ඩබ්.එම්.ගුණතිලක මයා
නියෝජ්‍ය විදුහල්පති
පො/මින්නේරිය ජාතික පාසල..